රියැදුරන්ගේ වැරදි දැනුම්දීමට විශේෂ ඇප් එකක්

රියැදුරන් කරන වැරදි දැනුම්දීමට විශේෂ ඇප් එකක් - ලංකා ගමනාගමන මණ්ඩලය

by Staff writer 06-08-2023 | 6:44 AM

COLOMBO (News 1st) – රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, ඒ හරහා රියැදුරන් සිදුකරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බවයි.
 
මේ අතර , ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමට ද තීරණය කර තිබේ. 

ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218 ක් පමණ සිදුව තිබේ. 

එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ ය.