යාල් දේවි දුම්රියේ වන අලියෙකු ගැටෙයි

යාල් දේවි දුම්රියේ ගැටුණු වන අලියෙක් මිය යයි.

by Staff writer 06-08-2023 | 9:55 PM

COLOMBO (News 1st) - උතුරු දුම්රිය මාර්ගයේ මහව ප්‍රදේශයේදී යාල්දේවී දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ , කන්කසන්තුරේ සිට කොළඹ බලා  දුම්රිය ධාවනය වෙමින් පැවති බවයි.

අනතුරින් දුම්රිය එන්ජිමට හානී සිදුවු අතර එය සකස් කිරීමෙන් අනතුරුව නැවත දුම්රිය ධාවනය ආරම්භ කර තිබේ.

අදාළ දුම්රිය රාත්‍රී 9.30 ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතව තිබිණ.