මුහුදු ප්‍රදේශ රළු විය හැකියි..

මුහුදු ප්‍රදේශ රළු විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 06-08-2023 | 6:39 AM

COLOMBO (News 1st) – මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.

සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි වෙයි. 

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් මීටර 2.5 ත් පමණ දක්වා ඉහළ යා හැකි ය.