පකිස්ථානයේ දුම්රිය පීලි පැනීමකින් 30ක් මරුට

පකිස්ථානයේ දුම්රිය පීලි පැනීමකින් 30ක් මරුට

by Staff writer 06-08-2023 | 9:59 PM

COLOMBO (News 1st) - පකිස්ථානයේ සින්ද් පළාතේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

කරච්චි නගරයේ සිට කිලෝමීටර් 275 ක් පමණ දුරින් පිහිටි, නවාබ්ෂාහි සහරා දුම්රිය ස්ථානය අසලදී එම ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

තුවාල ලැබූ මගීන් අවට රෝහල්වලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.

2021 වසරේදී ද සින්ද් පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 40කුට දිවි අහිමි විය.