තිරප්පනේ අනතුරකින් කාන්තාවක් මරුට

තිරප්පනේ අනතුරකින් කාන්තාවක් මරුට තවත් අයෙකුට තුවාල

by Staff writer 06-08-2023 | 9:53 PM

COLOMBO (News 1st) - තිරප්පනේ, ඥානම්කුලම් ප්‍රදේශයේදී සිදුවූ  රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් 52 හැවිරිදි යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක්  මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.