.webp)
පසුගිවර ශූරයින් වූ රාජකීයයන් බ්‍රැඩ්බි පලිහ දිනූ 36 වැනි අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරග අතර ප්‍රධානතම තරගය වන මෙම තරගය මෙවර 77 වැනි වරට පැවැත්විය.
එය අදියර දෙකකින් සමන්විත අතර මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 13ට 10ක් ලෙස ජය ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි.
අදියර දෙකම අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන කණ්ඩායමට බ්‍රැඩ්බි පලිහ හිමි වේ.
ඒ අනුව එහි දෙවැනි අදියර අද පැවැත්වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී.
අද තරගයේ පළමු අර්ධයේදී ලකුණු 17ට 10ක් ලෙස රාජකීය විද්‍යාලීය කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ය.
එම අර්ධයේදී ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 10 ක් පමණි.
දෙවැනි අර්ධයේදී රාජකීය කණ්ඩායම තවත් ලකුණු 10ක් රැස් කළේ, උත්සාහක දිනුම් 2ක් සමගිනි.
එහිදී ත්‍රිත්ව ක්‍රීඩකයන්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 7ක් පමණි.
ඒ අනුව තරගයේ දෙවැනි අදියර ලකුණු 27ට 17ක් ලෙස කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම ජය ගත්තේ ය.
ජයග්‍රාහී රාජකීයයන් ලකුණු රැස් කළේ, උත්සාහක දිනුම් 5කින් සහ ප්‍රවර්ථනයකිනි.
ඒ අනුව ලකුණු 37ට 30ක් ලෙස තරගය ජයගත් රාජකීය විදුහල් කණ්ඩායම බ්‍රැඩ්බි පලිහ අකණ්ඩව ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.