.webp)
COLOMBO (News 1st) – පොල්පිතිගම, නාගොල්ල ප්‍රදේශයේදී කාන්තාවක් පිළිස්සීමෙන් මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, ගලපිටගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තා මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.
අදාල කාන්තාව නිවස අසළ කසළ ගොඩකට ගිනි තබා ඇති අතර පොලිසිය පැවසුවේ පවතින සුළං තත්ත්වය සමග ගින්න පැතිර ගොස් ඇති බවයි.
ගින්න නිවා දැමීම සඳහා ඇය උත්සාහ කර ඇති අතර , එහිදී ගින්න ඇඳුමට ඇවිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.