.webp)
එහි ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පැවසුවේ, ඒ සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට පියවර ගන්නා බවයි.
ජලය පිරිපහදුව සඳහා වියදම් එනම් විදුලි ගාස්තු, රසායන ගාස්තු ද්‍රව්‍ය ඇතුළු කරුණු මුල් කර ගනිමින් මිල සුත්‍රය සකස් කෙරෙන බවත් , එහි වියදම්වලට අනුව මාස 6කට වරක් ජල ගාස්තුව තීරණය කෙරෙන බවද ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ඉදිරියේදී විදුලි බිල අඩුවන්නේ නම් ජල බිලද අඩුවිය හැකි බවයි.
මේ අතර අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමුවේ ය.
නව ගාස්තු සංශෝධනයේදී අඩු ජල පරිභෝජනයක් සහිත ගෘහ ඒකකවලින් වැඩි ප්‍රතිශතයකින් හා වැඩි පරිභෝජනයක් සහිත නිවාස වලින් අඩු ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දමා තිබීම විශේෂත්වයකි.