කන්කසන්තුරේට යන අලුත්ම දුම්රිය 'යාල්නිලා'

ගල්කිස්සෙන් කන්කසන්තුරේට යන අලුත්ම දුම්රිය 'යාල්නිලා'

by Staff writer 05-08-2023 | 8:27 AM

 COLOMBO (News 1st) – ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (05) රාත්‍රියේ සිට ධාවනයට එක්කර තිබේ. 

දුම්රිය නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පැවසුවේ 'යාල්නිලා' නැමැති මෙම දුම්රිය සෑම සිකුරාද දිනකම රාත්‍රී 10 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය කෙරෙන බවයි.

එසේම සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වනු ඇති.

එක් ගමනාන්තයක් සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1000කි.

එක් ගමන්වාරයක් සඳහා දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3000ක් වෙයි.

මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ ය .