.webp)
පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ, 36 හා 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ 36 හැවිරිදි සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
ඔවුන් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.
වෑන් රථයේ රියැදුරු අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත.
තුවාල ලැබු දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව පොලීසිය සඳහන් කළේ ය.
තුවාලකරුවන් සිව් දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටිනවා.
එලෙස ප්රතිකාර ලබන්නේ, අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 11ක සහ 06ක පිරිමි දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 08ක දැරියකි.