ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම තහනම්..

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට අඩි 300ට ඉහළින් සරුංගල් යැවීම තහනම්..

by Staff writer 04-08-2023 | 6:18 PM

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් 5ක කාලාපයේ අඩි 300ට ඉහළින් සරුංගල් හෝ කුමන වස්තුවක් යැවීම තහනම් කර තිබේ. 

ඒ , ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලදී බාධා ඇතිවී, ජිවිත හා දේපල හානි ඇති විය හැකි බැවින් ය. 

එම තහනම නොසලකා කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති යටතේ දඬුවම් හිමිවන බව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම දැනුම් දෙයි.