රාහුල් ගාන්ධිට දීතිබූ සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි

අපහාස චෝදනාවකට අදාළව රාහුල් ගාන්ධිට ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව අත්හිටුවයි

by Staff writer 04-08-2023 | 3:15 PM

COLOMBO (News 1st) – ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් අත්හිටුවා තිබේ. 

අපහාස චෝදනාවකට අදාළව මෙම සිරදඬුවම් තීන්දුව ලබා දී තිබුණි.