.webp)
COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව දේශීය ගෑස් මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කරන බවයි.
මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 87කට අධික මිලකට අළෙවි වන බව ඔහු පැවසුවේ ය.
ලෝක වෙළෙඳපොලේ මිල අනුව සෑම මාසයකට වරක් මෙරට වෙළඳපොලේ ගෑස් මිල සංශෝධනය වෙයි.