ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව කාර්යාලයේ සේවා සීමා කෙරේ

by Staff writer 03-08-2023 | 7:59 AM

COLOMBO (News 1st) - ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා අද (03) සිට සීමා කර තිබේ.

ඒ අනුව එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගත හැකි වන්නේ, උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණි.

එම තීරණය ගෙන ඇත්තේ, සේවා ලබාගැනීම සඳහා එම කාර්යාලයට දෛනිකව විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තදබදය අවම කර සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.