පශු වෛද්‍යවරුන්ට ස්ථාන මාරු

අත්‍යවශ්‍ය නොවන ප්‍රදේශවල පශු වෛද්‍යවරුන්ට ස්ථාන මාරු..

by Staff writer 03-08-2023 | 12:11 PM

COLOMBO (News 1st) - අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පශු වෛද්‍යවරුන්ගේ සංගමය, කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

දැඩි අවශ්‍යතාවක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම අපහසු වී ඇතැයි එම සංගමය පෙන්වා දී ඇත.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බවයි.

ඒ හේතුවෙන් එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට යොමු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.