රට බංකොලොත්වීමේ හේතු හොයන කාරක සභාවේ තත්ත්වය

රට බංකොලොත්වීමට හේතු සොයන පාර්ලිමේන්තු කාරක සභාව හමුවට විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශවල ප්‍රධානීන් අද කැඳවයි..

by Staff writer 02-08-2023 | 6:10 AM

COLOMBO (News 1st) - රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට සියලු විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශවල ප්‍රධානීන් අද (02) කැඳවා තිබේ.

එහි සභාපති නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, කාරක සභාවේ කටයුතු සඳහා මාර්ග සිතියමක් සකසා ගැනීම හා ඊට උපදෙස් ලබා ගැනීම එහි අරමුණ බවයි.

රටේ බංකලොත්භාවයට සැබෑ හේතුව සෙවීම සඳහා ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

රට බංකොලොත්භාවයට පත්වීමේ හේතු සෙවීම සඳහා එම පාර්ලිමේන්තු කාරක සභාව පත් කෙරුණේ පසුගිය 6 වැනිදා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කාරක සභාවට පොදුජන පෙරමුණෙන්, මන්ත්‍රීවරුන් 8 ක් පත් කෙරුණි.

විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 5 දෙනෙකු ඊට පත් කළ ද ඔවුන් කාරක සභාවට සහභාගි වූයේ නැත.