.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි.
එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයකි.
බන්ධනාගාර තදබදය අවම කිරීමට ගන්නා පියවර පිළිබඳ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසිමක් සිදු කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, වසර 20 කට වඩා කාලයක් දඬුවම් විඳින රැඳවියන් බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් නිදහස් කිරීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවයි.
බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5 ක් වැයවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.