කඩුවෙල, වැව පාරේ හඳුනානොගත් පුද්ගල මළ සිරුරක්

කඩුවෙල, වැව පාරේ හඳුනානොගත් පුද්ගල මළ සිරුරක්

by Staff writer 02-08-2023 | 4:37 PM

COLOMBO (News 1st) - කඩුවෙල, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවතේ වැව පාරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහුට පහරදී ඝාතනය කර එම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවට සැක කරන බවයි.

මියගිය පුද්ගලයා අවුරුදු 30 ත් 40 ත් අතර වයසැති පුද්ගලයෙකු බවට සැක පළ කරන අතර, පොලීසිය මෙතෙක්  ඔහුගේ අනන්‍යාතාව හඳුනාගෙන නොමැත.

කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.