.webp)
භික්ෂූන් වහන්සේ වස් වැසීම ආරම්භ කරන මෙම පොහෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයකි.
තුසිත දෙව්ලොව දෙව් සැප විඳිමින් සිටි බෝසතුන්ට බුදු වී ලෝවැඩ සලසන්නැයි දෙවියන් කළ ආරාධනය පිළිගෙන සුදොවුන් රජ මෙහෙසිය වූ මහමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීයි.
ගිහිගෙයින් අභිනිෂ්ක්‍රමණය, සහ බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සුත්‍රය පස්වග තවුසන්ට දේශනා කිරීම, පළමු ධර්ම සංගායනාව ද ඇසළ පුර පසළොස්වක පෙහෝ දින සිදු වූ වැදගත් සිදුවීම් ය.
උපසපන් භික්ෂූන් වහන්සේ මේ පොහොය දිනයේ වස් කාලය ආරම්භ කරන අතර ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් වී ඇත්තේ ද ඇසළ පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
හේමමාලාවන් සහ දන්ත කුමරුන් කලිගු රට සිට දළදා සමිඳුන් මෙරටට වැඩමවීමෙන් පසු වසරක් පාසා සිදු කෙරෙන දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
සියම් රටින් උපාලි මහතෙරුන් වහන්සේ වැඩමවා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථෘපනය කළේ ද අද වැනි දිනකයි.