නවදිල්ලියේ ආගමික උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්

නවදිල්ලියේ ආගමික උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්

by Staff writer 01-08-2023 | 6:23 AM

COLOMBO (News 1st) - ඉන්දියවේ, නව දිල්ලි නුවර, ආගමික පෙරහැරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිරිස ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සහ මෝටර් රථවලට ගිනි තබා ඇති බවයි.  

එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇත.

පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර අහසට වෙඩි තබා තිබේ.

ප්‍රදේශයේ අන්තර්ජාල සේවා ද අත්හිටුවා ඇති අතර විශාල වශයෙන් සිදු කරන රැස්වීම් ද තහනම් කරමින් තහනම් නියෝග නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.