.webp)
1. අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ - ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
2. තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ කහ තොගයක් මීගමුවේදී අල්ලයි - තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 375 ක් සමඟ සැකකරුවකු මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
3. රජරට ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වෙයි - රජරට ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත් ව ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
4. ඇඹිලිපිටිය ගොවි ගැටලුව අද කැබිනට් මණ්ඩලයට... විකල්පය ගිං නිල්වලා යෝජනා ක්‍රමය පමණි... - වාරිමාර්ග අමාත්‍යාංශය... - වලව කලාපයේ ගොවීන්ට ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා ව්‍යාපෘති ක්‍රමය බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
5. කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කුමක් වෙයිද? - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රැස්වීමට නියමිතව තිබේ.