.webp)
COLOMBO (News 1st) - දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, අද (01) දින පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් , කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී, මෙම එකඟතාව පල කර ඇති බවයි.
දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සහ පාරිභෝගිකයින්ට අවම මිලක් යටතේ කුකුළු මස් පාරිභෝජනය කිරීමට අවස්ථාව සලසාදීම මෙහි අරමුණයි.
මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළයාමට ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති, රුපියල් 75ක ආනයනික බද්ද හේතුවී ඇති බවත්, එම බද්ද රුපියල් 25ක් දක්වා අඩු කර දෙන ලෙසත්, ව්‍යාපාරිකයෝ මෙහිදී ඉල්ලා තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී පවසා ඇත්තේ, මේ සම්බන්ධව ජනාධිපතිතුමා අද දවස තුළ දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් ලබන වසරේ සිට කුකුළු මස් මිල ගණන් තවදුරටත් අඩු කළ හැකි බව ද, මෙම ව්‍යාපාරිකයෝ පෙන්වා දී තිබේ.