ලක්ෂ 8ක කහ තොගයක් මීගමුවෙන් අල්ලයි

තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ කහ තොගයක් මීගමුවේදී අල්ලයි

by Staff writer 31-07-2023 | 9:15 PM

COLOMBO (News 1st) - තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 375 ක් සමඟ සැකකරුවකු මීගමුව - ඒත්තුකාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ  කහ තොගයේ වටිනාකම රුපියල් 780,000 ක් පමණ වන බවයි.

මීගමුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කහ තොගය සොයා ගෙන තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ මීගමුව බුද්ධි නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුවයි.