කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කුමක් වෙයිද?

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කුමක් වෙයිද?

by Staff writer 31-07-2023 | 7:52 AM

COLOMBO (News 1st) – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රැස්වීමට නියමිතව තිබේ. 

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ, මේ සතිය තුළ එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ලබාදෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේ ය.