අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ

by Staff writer 31-07-2023 | 9:17 PM

COLOMBO (News 1st) -  අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 348කි.

 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රු. 375කි.

සුපිරි ඩීසල් ලීටරයක් රු :12 කින් ඉහළට දමා ඇති. රුපියල් 358 ලෙස එහි නව මිල තීරණය වේ.

නව සංශෝධනයන්ට අනුව ඩීසල්  මිල පහළ දමා ඇත්තේ රුපියල් 2 කිනි. එහි නව මිල 306 කි.

භූමිතෙල් ලීටරයක් සඳහා පනවා තිබූ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්  10 කින් පහළ දමා ඇත. එහි නව මිල  226 ලෙස තීරණය වනු ඇත.