පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..

පකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..

by Staff writer 30-07-2023 | 7:15 PM

COLOMBO (News 1st) - වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බවයි.

තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට අධික වන බව විදෙස් මාධය පෙන්වා දෙයි.

ජමියට් උලමා-ඊ-ඉස්ලාම්  පක්ෂය සංවිධාන කළ රැස්වීමකදී බෝම්බ පිපිරීම සිදුව ඇත.

ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇතැයි,වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව, එරට බලධාරීන් පෙන්වා දෙයි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති.