.webp)

COLOMBO (News 1st) – ගොවීන් වී ලබා දීමේ අඩුවක් පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ , පෞද්ගලික අංශයෙන් වැඩි මිලකට වී මිලදී ගනී යැයි බලාපොරොත්තුවෙන් ගොවීන් වී ලබා නොදෙන බවයි.
ඒ අනුව මේ වනවිට මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 350ක වී අස්වැන්නක් පමණක් බව ඔහු සඳහන් කළේ ය.
දිස්ත්‍රික් 11ක ගබඩා 30 ක් හරහා වී මිලදී ගැනීම සිදුවෙයි.
ඒ සඳහා වී අලෙවි මණ්ඩලයට ලැබී ඇති මුදල රුපියල් මිලියන 500 කි.
තවත් රුපියල් මිලියන 750ක් ලැබීමට නියමිතව ඇතැයි බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ ය.
