.webp)
COLOMBO (News 1st) – ගාලුමුවදොර ආහාර වෙළෙඳුන් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා සඳහන් කළේ, ආහාර අපිරිසිදු බවට නිරන්තරයෙන් ජනතා පැමිණිලි ලැබෙන බවයි.
ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලුමුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවස්ථාව දෙන බව ද, ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ ඒ ආශ්‍රිතව කළ වැටලීම් වලදී වෙළෙඳසැල් 4කට එරෙහිව නඩු පැවරූ බවයි.
මේ අතර, ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් වෙනුවෙන් හෙට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.
ඒ, කොළඹ නව නගර ශාලාවේදී ය.
එහිදී වෙළෙඳුන් සඳහා සහතිකයක් ද නිකුත් කරන බව, අනුර අබේරත්න මහතා සඳහන් කළේ ය.