මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී රුසියානු ජාතිකයෙක් මරුට

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී රුසියානු ජාතිකයෙක් ඇතුළු දෙදෙනෙක් මරුට..

by Staff writer 29-07-2023 | 4:14 PM

COLOMBO (News 1st) - උඩදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් රුසියානු ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 28 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකි.

අනතුරින් තවත් කාන්තාවක් මියගොස් ඇති අතර ඇගේ වයස අවුරුදු 51 කි.

පොලීසිය ප්‍රකාශ කළේ, ඔවුන් ගමන්ගත් මෝටර් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.