.webp)
COLOMBO (News 1st) – සෞඛ්‍ය වෘත්තිකයන් සහ සිවිල් හා බහුජන සංවිධාන සමග විශේෂ සාකච්චාවක් අද (28)පැවැත්වෙයි.
සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කරන බවයි.
මෙම චක්‍රලේකය හකුළා ගන්නා ලෙස පවසමින් පසුගිය දිනෙක සංදේශයක්ද භාර දුන්නේ ය.
ඒ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ආගමික නායකයින් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතුවයි.
ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව පනවා ඇති විධි විධාන කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ සියලු නිලධාරින් වෙත චක්‍රලේඛයක් නිකුත් කළේ ය.
මේ අතර දිවයිනේ සියලුම රෝහල්වල දන්ත රෝගී සායනවල බාහිර රෝගී අංශය සහ සායනික ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා පැවසුවේ, ඊට අවශ්‍ය ඖෂධ වර්ගවල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
නමුත් නිර්වින්දනය කොට සිහි නැති කරන ශල්‍යකර්ම පමණක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.