.webp)
ඔහු අත්අඩංගුවට පත් වුණේ, ඊයේ (28) බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුරයි.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත තරිඳු උඩුවරගෙදර මහතා ඊයේ බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත්තේ ය.
අනතුරුව අද පෙරවරුවේ ඔහු රෝහල්ගත කෙරුණේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශ මතයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු නිරීක්ෂණය කිරීම සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද පස්වරුවේ පැමිණියේ ය.
තරිඳු උඩුවරගෙදර මහතා ඇප මත මුදා හැරුණේ ඉන් අනතුරුවයි.