ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 29-07-2023 | 8:35 AM

COLOMBO (News 1st) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ, මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ය. 

ඒ අනුව එම කොමිෂන් සභාවේ නිල කාලය අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.