පිච්ච මල් පූජාවට යන්න විශේෂ දුම්රියක්..

අනුරාධපුරයේ පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රියක්..

by Staff writer 29-07-2023 | 6:34 AM

 COLOMBO (News 1st) –  අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ, අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය කරන බවයි.

එම දුම්රිය නැවත හෙට(30) දින පෙරවරු 9.30ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බව ඉදිපොලගේ මහතා පැවසුවේ ය.