සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 02 වැනිදා සිට..

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 02 වැනිදා සිට..

by Staff writer 28-07-2023 | 4:51 PM

COLOMBO (News 1st) - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විශයන්හී ප්‍රායෝගික පරීක්ෂණ ලබන 02 වැනිදා ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, 12 වැනිදා දක්වා එම පරික්ෂණ පැවැත්වෙන බවයි.

දිවයින පුරා පිහිටි පරීක්ෂණ මණ්ඩල 1,355කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙයි. 

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර පාසලේ විදුහල්පතිවරයාට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අයදුම්කරුගේ ලිපිනයට තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.