යූරියා මෙට්‍රික් ටොන් 8300ක ප්‍රදානයක්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා මෙට්‍රික් ටොන් 8300ක ප්‍රදානයක්

by Staff writer 26-07-2023 | 6:02 AM

COLOMBO (News 1st) - යූරියා  මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය තීරණය කර තිබේ.

එම යූරියා තොගය මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගා කරන ගොවීන් අතරේ බෙදා හැරෙනු ඇති.

උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසීය.

මේ සඳහා අනුග්‍රහය දක්වන්නේ ජපාන රජයයි.

මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබා දී ඇත.