.webp)
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 166ක් පමණයි.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට පකිස්ථානය සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 172ක් රැස් කරගෙන සිටියේ ය.
නායක බාබර් අසාම් ලකුණු 39කට දැවී ගියේ, දිනයේ පළමු කඩුල්ල ලෙසයි.
අබ්දුල්ලා ශෆීක් සහ සෞද් ශකිල් සිව්වැනි කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගුවේ පකිස්ථාන ඉනිම තවදුරටත් ශක්තිමක් කරමිණි.
ශකීල් ලකුණු 57යි.
දක්ෂ පිති හරඹයක නිරත වූ අබ්දුල්ලා ශෆීක්, තම පළමු ටෙස්ට් ද්විත්ව ශතකය සමග ලකුණු 201ක් රැස් කළේ ය.
පකිස්ථාන ඉනිම තවත් ස්ථාවර කළ අගා සල්මාන් සිය තුන්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 132 කිරීමට සමත් විය.
අද තරගය නතර තරන විට පකිස්ථානය පළමු ඉනිමට කඩුළු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 563කි.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 397ක් ඉදිරියෙන් පසුවේ.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි , එම්.ටී.වී මාධ්‍ය ජාලයේ තුන්වැනි දීප ව්‍යාප්ත නාලිකාව වන, ටී වී වන් නාලිකාව තුළින් තරගය සජීවීව නැරඹිය හැකියි.