ජනපති කැඳ වූ සර්ව පාක්ෂික සමුළුව අද පස්වරුවේ

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික සමුළුව අද පස්වරුවේ

by Staff writer 26-07-2023 | 5:39 AM

COLOMBO (News 1st) - ජාතික සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද (26) පැවැත්වේ.

පස්වරු 5.00 ට එය පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික හමුවට සහභාගි වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, ජනතාව වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වුවද දේශපාලන උප්පරවැට්ටිවලට හසුවීමට සූදානම් නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සර්ව පාක්ෂික හමුවට සහභාගීවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන් ය.

එහෙත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසන්නේ, තමන් එම හමුවට සහභාගී නොවන බවයි.

ජාතික ජනබලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගය පවසන්නේ, ජනාධිපතිවරයා මෙතෙක් ජාතික ප්‍රශ්නය විසඳීමට ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවයි.