.webp)
COLOMBO (News 1st) – ලබන සිකුරාදා සිට සඳුදා දක්වා මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුන බව වෙළඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පැවසුවේ, දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ තාවකාලිකව පවත්වා ගෙන යනු ලබන සිය කාර්යාලය මරදානේ නව ගොඩනැගිලි පරිශ්‍රයකට ගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වා ගෙනයාමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා 070 1107788 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි ෙව්.
වෙළඳ නාවික ලේකම් කාර්යාලය, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.
