.webp)
COLOMBO (News 1st) – වර්ෂාව හේතුවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තාවකාලිකව නතර කර තිබේ.
තරගය තාවකාලිකව නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්ථානය පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 178කි.
දෙවන දිනට අද තරගය ආරම්භ කරන විට පකිස්ථානය කඩුලු 2ක් දැවී ලකුණු 145ක් රැස් කර ගෙන සිටියේ ය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166ක් රැස් කළේ ය.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි , MTV මාධ්‍ය ජාලයේ තුන්වන දීප ව්‍යාප්ත නාලිකාව වන, TV 1 නාලිකාව තුළින් තරගය සජීවීව නැරඹිය හැකියි.