තවත් ගමකට ගම්මැද්දෙන් පිරිසිදු ජල ව්‍යාපෘතියක්

නවගත්තේගම තවත් ගම්මානයකට ගම්මැද්දෙන් පිරිසිදු ජල ව්‍යාපෘතියක්

by Staff writer 25-07-2023 | 1:12 PM

COLOMBO (News 1st) – පුත්තලම - ගෙදරවැව ගම්මානයේ ජනතාව වෙනුවෙන් ගම්මැද්ද  මූලිකත්වයෙන් සැකසුණු ජල ව්‍යාපෘතිය, අද පෙරවරුවේ විවෘත කෙරිණ. 

නවගත්තේගමට අයත් ගෙදරවැව ගම්මානයේ ජනතාව නියඟයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින පිරිසකි. 

බීමට පිරිසිදු ජලය නොමැතිව ඔවුහු දැඩි පීඩාවකට පත්ව සිටියහ. 

අකමැත්තෙන් වුවත්, කිවුල් ජලය පානය කිරීමට ඔවුන්ට සිදුව තිබූ අතර වකුගඩු රෝගීන් රැසක් ද ගම්මානයේ සිටී. 

මෙම ජල ප්‍රශ්නය පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද පලක් නොවූ බැවින් ගම්වැසියන් ගම්මැද්දට සිය ඉල්ලීම ඉදිරිපත් කළේ ය. 

ඒ අනුව, ගම්මානයට ජල පෙරණ පද්ධතියක් ලබාදීම සඳහා  වැඩ ඇරඹුණු අතර, ව්‍යාපෘතිය අද දිනයේ  විවෘත කෙරිණ. 

මේ ජනතාවගේ සිහින යථාර්ථයක් කිරීමට නෙක්ස්ට් මැනුෆැක්චර් පෞද්ගලික ආයතනය මූල්‍ය අනුග්‍රහය ලබාදුන්නේ  ය. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙන් මෙම ජල පෙරණ පද්ධතිය ඉදිකෙරිණ.