දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා අනුමැතිය

by Staff writer 25-07-2023 | 1:20 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට  විෂය ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

 

 A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති, මගී ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්වයම සපයන දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු අවම කිරීම මෙන්ම සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙනයාම සඳහා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති සඳහන් ය.


කැබිනට් තීරණවල වැඩිදුරටත් දැක්වෙන්නෙ,   එම දෙපාර්තමේන්තුවට සම්බන්ධිත සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ද ඒ සඳහා ලැබී ඇති බවයි.  


ඒ අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ එම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.