ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවට

ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතුවල කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවට

by Staff writer 25-07-2023 | 11:32 AM

COLOMBO (News 1st) – යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

නාවික හමුදාව පැවසුවේ, ඔවුන් ඒ සඳහා යොදාගත් යාත්‍රා දෙකක් ද සිය භාරයට ගත් බවයි.

එම ධීවරයින් හා යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබේ.