.webp)
COLOMBO (News 1st) – සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී අද දිනට වසර දෙකක් සපිරෙයි.
අභාවප්‍රාප්ත හිටපු සභාපතිතුමන් සිහි කරමින් අද සහ ඊයේ ආගමික වැඩසටහන් පැවැත්විණ.
අද දහවල් කොළඹ, බ්‍රේබෲක් පෙදෙසේ මූලස්ථාන පරිශ්‍රයේදී දානමය පුණ්‍යකර්මයක් පැවැත්වුණු අතර ඒ සඳහා මහා සංඝරත්නය වැඩම කරනු ලැබුවේ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි.
කැපිටල් මහරාජා සමූහයේ උසස් නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා සිදු කළ මෙහෙවර සිහිපත් කරමින් මහා සංඝරත්නය එහිදී පුණ්‍යානුමෝදනා සිදු කළහ.
මේ අතර හිටපු සභාපතිතුමන් සිහිකරමින් මිහින්තලයේදී ද තවත් ගුණානුස්මරණ වැඩසටහනක්
පැවැත්විණ.