ශ්‍රී ලංකා - පකිස්ථාන තීරණාත්මක දෙවන ටෙස්ට් සටන අද

ශ්‍රී ලංකා - පකිස්ථාන තීරණාත්මක දෙවන ටෙස්ට් සටන අද ඇරඹේ..

by Staff writer 24-07-2023 | 8:02 AM

COLOMBO (News 1st) – සත්කාරක ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) ආරම්භ වෙයි. 

 තරගය කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගත්තේ පකිස්ථානයයි.

කණ්ඩායම් දෙක අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 58කි.

ඉන් තරග 22ක් පකිස්ථානය ජයගෙන ඇති අතර තරග 17ක් ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි.

තරග 19ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ .