මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක්..

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 24-07-2023 | 8:06 AM

COLOMBO (News 1st) –  මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ, විදුලි බලවේග ධාවනාගාර සේවකයින් ඊයේ(23) දහවල් සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ය.

අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක වෙයි. 

ඒ හේතුවෙන් අද උදෑසන ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් අවලංගු වී ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරී එම් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.