.webp)
COLOMBO (News 1st) – පැය 24 තුළ සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය පැවසුවේ, නවගමුව, වත්තල, පානදුර, මීගමුව හා වස්කඩුව ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වන බවයි.
වත්තල , දික්ඕවිට මුහුදේ ගිලී 23 හැවිරිදි මුල්ලේරියාවේ පදිංචි තරුණයෙකු මිය ගියේ ය.
පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ, ඔහු එම අනතුරට මුහුණපා තිබුණ.
වස්කඩුව මුහුදේ ගිලී තවත් පුද්ගලයෙකු මියගොස් තිබුණේ, දියනාමින් සිටියදී අනතුරට ලක්වූ විදෙස් ජාතික යුවලක් බේරාගැනීමට යාමේදී ය.
නවගමුව පත්තිනි දේවාලය ආසන්නයේදී කැලණි ගගේ දිය නෑමට ගිය 61 හැවිරිදි කාන්තාවක් අතුරුදන් විය.
තවත් 17 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව ඇත්තේ, පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටියදී ය.
මීගමුව මුහුදේ දියනෑමට ගිය තරුණයින් 03 දෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන පිරිසකි.