.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විය.
පළමු දිනට තරගය නතර කරන විට පකිස්ථානය කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 145කි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 36කදී බිඳ වැටිණ.
කුසල් මෙන්ඩිස් ලකුණු 6කට සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට දැවී ගියහ.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 17 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක සබඳතාවක් ගොඩනැගූහ.
චන්දිමාල් ලකුණු 34යි.
13 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ධනංජය ද සිල්වා ලකුණු 57ක් රැස් කළේ ය.
රමේෂ් මෙන්ඩිස් ලකුණු 27ක් ලබා ගත්තේ ය.
අබ්රාර් අහමඩ් කඩුලු 4ක් දවා ගත්තේ ය.
ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166කි.
පකිස්ථානයේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 13කදීයි.
අබ්දුල්ලා ශෆීක් සහ ශාන් මසූඩ් දෙවැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩනැගූහ.
මසූඩ් ලකුණු 51ක් රැස් කළේ ය.
තරගයේ දෙවැනි දිනය හෙටයි.
