සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි..

by Staff writer 24-07-2023 | 8:13 AM

COLOMBO (News 1st) –  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි හා තුන්වැනි වසර සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ. 

එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා පැවසුවේ පසුගිය 17 වැනිදා රාත්‍රියේ සිසුන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ පිළිබඳව විමර්ශනය සඳහා පංච පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ. 

අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා සිට දෙවන හා තුන්වැනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු  ද තාවකාලිකව නතර කෙරිණ. 

ලේඛකාධිකාරිවරයා සඳහන් කළේ, සෙසු වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.