.webp)
රටේ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නීතිඥ, සාගර කාරියවසම් මහතා සඳහන් කළේ සියලු විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට සිය කාරක සභාව තීරණය කර ඇති බවයි.
අදාළ විද්වතුන් සමග සාකච්ජා කර, රට බංකොලොත්වීමට හේතුවූ කරුණු සෙවීමට අදාළ මූලික සැලසුම සකස් කරන බව නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, රටේ බංකලොත්භාවයට සැබෑ හේතුව සෙවීම සිය කාරක සභාවේ මූලික අරමුණ බවයි.
අනාගතයේදී එවන් තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බව ද, සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ය.