නැගී එන ආසියානු ශූරයින් කවුද?

නැගී එන ආසියානු ශූරයින් කවුද? ඉන්දු - පකිස්ථාන අවසන් සටන අද..

by Staff writer 23-07-2023 | 8:52 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද  (23)පැවැත්වේ.

ඒ ඉන්දීය සහ පකිස්ථාන A කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් 8 ක් තරග වැදුණු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව, බංග්ලාදේශය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ය.

පකිස්ථානය හමුවේ අවසන් පූර්ව වටයේදී පරාජය වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

යෂ් දුල් මෙහෙයවන ඉන්දීය ඒ කණ්ඩායම තරගාවලිය තුළ මෙතෙක් සිටින එකම අපාරජිත කණ්ඩායම වේ.

මොහොමඩ් හාරිස් නායකත්වය දරන පකිස්ථාන A කණ්ඩායම තරගාවලිය තුළ පරාජය වී ඇත්තේ තරගයක් පමණි.

දෙරට අතර අවසන් මහා තරගය අද (23) පස්වරු 2ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.